පිටකොටුව ඇතුළු ප්‍රදේශ පහක ලොක්ඩවුන් හෙටින් අවසන්!

November 29, 2020 at 8:16 am | by emanisa.lk

හෙට (30) උදෑසන 5 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය ඉවත් කෙරේ.

අනෙකුත් ප්‍රදේශ තව දුරටත් හුදකලා කර ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය හෙට උදෑසන ඉවත් කරන බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *