සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව නීතිමය කටයුතු කිරීමට ජාතික සමගි පෙරමුණ තීරණය කර තිබේ.
එම පක්ෂයේ නායක අසාත් සාලි සඳහන් කරන්නේ පොරොන්දු කඩකිරීමේ චෝදනාව යටතේ ඔහුට මේ වන විට විට සිහි කැදවීම් ලිපියක් යැවීමට කටයුතු කර ඇති බවය.
තම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස පොරොන්දු වුවද මේ වන විට එම පොරොන්දු කඩකිරීම හේතුවෙන් මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව ද ඔහු කියා සිටියි.
මෙම සිහිකැඳවීම් ලිපියට ප්‍රතිචාර නොදක්වන්නේ නම් දින 14කින් පසුව නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු කියා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාත් සාලි මේ බව අනාවරණය කළේය.
තම පක්‍ෂය පැවති මහ මැතිවරණයට දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා තරඟ කිරීමට සූදානමින් සිටියද සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම හේතුවෙන් එම අදහස අතහැර දමා ඔහු සමග සන්ධානගත වූ බව ද ඔහු කව දුරටත් පැවසීය.