පාළම් පුපුරුවන කතාව බොරුවක්! අපි පරීක්ෂණවලින් සොයා ගත්තා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

May 6, 2019 at 8:13 am | by admin

සඳුදා (06) හෝ ඊට කොළඹට පිවිසෙන පාළම් සහ ගුවන් පාළම් පිපිරවීමට සූදානමක් ඇතැයි ලැබුණු බුද්ධි අංශ වාර්තාවල සත්‍යතාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“පාලම් ආශ්‍රිතව පිපිරීමක් සිදුවන බවට සඳහන් වන ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ප්‍රචාරය වන ආකාරය දුටුවා.

ඒ ලිපිය මගින් සිදුකර තිබෙන්නේ ලැබුණ තොරතුරක් මත අදාළ බලධාරීන් හා අදාළ අංශ හුදෙක්ම දැනුවත් කිරිමක් පමණයි.

ඒ ලිපියේ සඳහන් කරුණු ගැන වැඩිදුර පරීක්ෂණ කරලා තිබෙනවා. එහිදී තහවුරු වුණා ඒම තොරතුරේ සත්‍යතාවක් නොමැති බව. ඒ අනුව ඒ ගැන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස