පාස්කු වාර්තාවේ වගකීම ආණ්ඩුව භාරගන්නේ නෑ..! – කෙහෙළිය..

March 2, 2021 at 6:51 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වගකීම ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ භාර නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කළ ද එහි ඇති හරි වැරැද්ද සම්පූර්ණයෙන් රජය සතු දෙයක් නොවන බවත් එය ස්වාධීන පදනමකින් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

“සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා.

කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස