පාස්කු බෝම්බකරු සහ ඇමැති බදියුදීන් අතර සබඳතා එළියට…..!

July 28, 2021 at 9:45 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ මරාගෙන මැරුණු මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ වැල්ලම්පිටිය තඹ කම්හල ආරම්භ කර ඇත්තේ 2017 වසරේ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අනාවරණය කරයි.

එවකට යහපාලන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ රිෂාඩ් බදියුදීන්ගේ පූර්ණ සහාය ඒ සඳහා ලැබී ඇති බවත් ඔහු යටතේ පැවැති කාර්මික සංවර්ධන මණ්ඩලය ඔස්සේ කර්මාන්ත කරුවන්ට ලබා දෙන අබලි තඹ ඇතුළු ලෝහ ද්‍රව්‍යවලින් 86%ක් ම ලබා දී ඇත්තේ මෙම සමාගමට බව ද මාධව තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

එසේ ම 2019 වසරේ මෙට්‍රික් ටොන් 260ක තඹ තොගයක් අපනයනය සඳහා කර්මාන්තකරුවන් තිදෙනෙකුට අවසර ලබා දෙන ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්න ද එම සමස්ත තඹ තොගය ම අපනයනය කිරීමේ අවස්ථාව ඉන්සාෆ් අහම්ගේ සමාගමට ලබා දී තිබිණි.

ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ අනුග්‍රහය නොමැතිව මෙවැනි කාර්යක් සිදුකළ නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස