අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනකු ඇතුළු 19 දෙනකු ඊයේ (11) සිට සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇත.
අවශ්‍යතාව අනුව පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත්කර ගැනීමට නියමිතව ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.
කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන්ට හා නිලධාරිනියන්ට එල්ල වී තිබු චෝදනා සැලකිල්ලට ගෙන වැඩබලන පොලිස්පතිවරයා මෙම මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය, රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරුගේ විමර්ශන සිදුකළ නිලධාරීහු ද මාරුවීම් ලද නිලධාරීන් අතර වෙති. මෙම නිලධාරීන් අතරේ ව්‍යාජ සාක්ෂි සකස් කර විමර්ශන කළ චෝදනාවට ලක් වූ නිලධාරීන්ද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.