පාස්කු ත්‍රස්තයින් රටට ගෙනා කඩු 5400ක් අන්තවාදීන් අතේ….! ඕනෑ ම අවස්ථාවක් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්….! – අගරදගුරු හිමිගෙන් පෙත්සමක්…

February 19, 2021 at 2:24 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර කඩු හා උල් ආයුධ 6000 ක් පමණ මෙරටට ගෙනැවිත් බෙදා හැර තිබීම ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට බලකරන නියෝගයක් ආරක්ෂක අංශවලට නිකුත් කරන්නැයි ඉල්ලා මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමට ඊයේ (18) තීරණයකළේ ය.

අභියාචනාධිකරණය ඒ සඳහා පොලිස්පති සහ ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට මාර්තු 05 දා උසාවියේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කළේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී මුස්ලිම් පල්ලි තුළ තිබී කඩු 400ක් පමණ සොයා ගෙන ඇති බවත් ඉතිරි ආයුධ 5400ට සිදුවූ දෙයක් ගැන තොරතුරක් නැති බවත් ඒවා පුද්ගලයන් සන්තකයේ තිබෙන්නට ඉඩ හැරීමෙන් රටේ භයානක තත්ත්වයක් උදාවිය හැකි බැවින් ඒ ගැන සොයා බැලිය යුතු බවත් අගරදගුරුතුමන් විසින් පෙත්සමේ සඳහන් කරනු ලැබ ඇත.

චීනයෙන් ආනයනය කර තිබූ ඒ කඩුවලට මුදල් ගෙවා ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බය පුපුරුවාගෙන මියගිය මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාප් නමැත්තා බවත්, එම ආයුධ තොග රේගුව හරහා මෙරටට ගෙනාවේ කවර කාරණාවක් සඳහා ද යන්න පිළිබඳව බෝම්බ පිපිරීමේ සිද්ධිය වී වසරකට වැඩිකලක් ගත වී ඇතත් ආරක්ෂක අංශ විසින් නිසියාකාර පරීක්ෂණයක් සිදුකර නැති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා හමුවේ පෙත්සම සලකා බැලිණි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂාන්ත සොයිසා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ජාතික බුද්ධි සේවා ප්‍රධානි ජීවන් රුවන් කුලතුංග, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සාලේ, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් විජිත රවිප්‍රිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කාර අගරදගුරුතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ මනීෂා දිසානායක පෙනී සිටියහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස