අවු. 05ක් තනිවම අද මෙන් රට අගාධයකට නොදමා පාලනය කළ තමන්ට සියලු දෙනා එකතු වී තෑගි දිය යුතු බව හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පැල්මඩුල්ල ප්රදේශයේ අද (11) පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමිනි.
“ආණ්ඩු පක්ෂයේ නායකයා රනිල් වික්රමසිංහ මහත්තයා, විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ. ඔක්කෝම ගහනවා මට. ආණ්ඩු පක්ෂයත් ගහනවා. විපක්ෂයත් ගහනවා. පාර්ලිමේන්තුවේ අගමැතිත් ගහනවා, මැති ඇමතිවරුත් ගහනවා.
මම අවුරුදු 5කට මාස එක හමාරයි අඩු ජනාධිපති ධූරයට. මට බනින එක නෙමෙයි මට සල්ලි දෙන්න ඕනේ තමුන්නාන්සේලා එකතු කරලා තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේ වගේ හිඟමනයට වැටෙන්නේ නැතුව.
මෙහෙම ගෑස් ප්රශ්නයි, තෙල් ප්රශ්නයි, පොහොර ප්රශ්නයි මේවා රටේ මිනිස්සු හදපු ප්රශ්න නෙමෙයි නේ. මේවා ඔක්කෝම ආණ්ඩුව හදාගත්ත ප්රශ්න. ඒවා ගැන අපි කතා කරාම කෝප වෙනවා.
මේ කොහේවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා, ඒක මගේ ඇඟේ දාන්න හැදුවට මම පත්කරපු කොමිසම. හැබැයි එක මිනිහෙක්වත් කතා කරන්නේ නෑ වංචා දූෂණ පිළිබඳ මම පත් කරපු කොමිසම් 4 ගැන. ඒ ඔක්කෝම කොමිසම් හමස් පෙට්ටියට.
මාව හිරේ දා ගන්න ඕන කට්ටිය තමයි පාස්කු කොමිසම ගැන කතා කරන්නේ. පාස්කු කොමිසම ගැනත් මං යම් කිසි දවසක මට කියන්න අවස්ථාව එයි. මං එදාට කියන්නම්.”