පාලන මිලට හිස නොනමන බිත්තර නිෂ්පාදකයින්ට රතු එළි…! තොග සැඟවුවහොත් රාජසන්තක කරන බව ඇමැති කියයි..!

August 22, 2022 at 3:43 pm | by emanisa.lk

බිත්තර බෙදා හැරීම නවතා තොග රැස් කිරීමක් සිදු කළහොත් එම බිත්තර රාජසන්තක කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඇමැතිවරයා පවසන්නේ එම බිත්තර තොග සතොස මගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

රජය විසින් පනවන ලද පාලන මිලට බිත්තර අලෙවි නොකරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.

දේශීය බිත්තර නිෂ්පාදකයින්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මත මිල පාලනය සඳහා බිත්තර ආනයනය කරන්නේ ද යන්න රඳා පවතින බව ද ඇමැති ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

යම් හෙයකින් ඔවුන් බිත්තර නිෂ්පාදනය නොකරන්නේ නම්, බිත්තර ආනයනය කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

බිත්තර සඳහා පාලන මිලක් පැනවීමත් සමග එම මිලට බිත්තර සැපයීමට නොහැකි බව බිත්තර නිෂ්පාදකයෝ පැවසූහ. පසුගිය 19 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයකට රු. 43ක ද රතු බිත්තරයකට රු. 45ක ද උපරිම සිල්ලර මිලක් ආණ්ඩුව නියම කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *