අපි රට කුකුළු මසින් සහ බිත්තරවලින් ස්වයංපෝෂිත කළා…! – මහින්දානන්ද…

November 27, 2021 at 7:34 am | by emanisa.lk

වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව කුකුළු මස් අපනයනය කරමින් සිටින අතර රට සතුව බිත්තර අතිරික්තයක් ද පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

“ඒ වගේ ම 2024 වෙනකොට මේ රටේ දියර කිරිවලින් 80%ක් ස්වයංපෝෂිත කරන්නට අපි බලාපොරොත්තු වෙනවා, ඒ සඳහා අපි වැඩපිළිවෙළ කරගෙන යනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවි විශ්‍රාම වැටුප, හිටපු ජනාධිපතිතුමා ආරම්භ කරපු ගොවි විශ්‍රාම වැටුප තමුන්නාන්සෙලා කප්පාදු කළා. නැවත ගොවියාට ගොවි විශ්‍රාම වැටුප හදපු ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවයි.

ඒ විතරක් නෙවෙයි, අපේ රටේ හැමදාම අවශ්‍ය කුකුළු මස් ටික අපට තිබුණෙ නෑ. ගරු ඇමතිතුමාගෙ අමාත්‍යාංශය යටතේ අපි අද කුකුළු මස් අපනයනය කරන තත්ත්වයට ඇවිල්ලා, අපි අද අපනයනය වෙළඳපොළක් හදලා, අද බිත්තර අතිරික්තයක් අපට තියෙනවා, ඒ නිසා ඒ පශූ සම්පත් ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇතිකරන්න අපි කටයුතු කරලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි අපනයන වෙළඳපොළක් එළවළු, පළතුරු ක්ෂේත්‍රයේ හරියට තිබුණෙ නෑ. අද වෙනකොට අපි අපනයන වෙළඳපොලක් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ හදලා තියෙනවා”

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස