ඔක්කෝට ම කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කරන්න! විපක්ෂයෙන් කතානායකට ඉල්ලීිම්!

November 11, 2020 at 1:15 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනගේ දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබේ.

අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ද ප්‍රතිශෝධනය කිරීමේ පිළිවෙතක් පවතින බව ලක්ෂ්මන් කිරිඇල්ල මෙහි දී පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම, නිවාස, දුරකතන, ප්‍රවාහන, කාර්යාල යන දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව හිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා මෙම කාරක සභා රැස්වීමේ දී අවසන් තීරණයක් ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස