පාර්ලිමේන්තුව විසුරුවන තුරු ආණ්ඩුව පෙරළන්න අපි සූදානම් නෑ! – කිරිඇල්ල

January 1, 2020 at 11:28 pm | by emanisa.lk

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ආණ්ඩු පෙරළීමේ කිසිදු වුවමනාවක් විපක්ෂයට නැතැයි හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

විපක්ෂයට බහුතර මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක් තිබුණද ඇතැම් පිරිස් පවසන පරිදි එය උපයෝගි කරගනිමින් ආණ්ඩු පක්ෂයේ කටයුතු කඩාකප්පල් කිරිමේ කිසිදු උවමනාවක් විපක්ෂයට නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුව ලබාදුන් පොරෙන්දු සහ ආණ්ඩුවේ හොඳ වැඩ සදහා විපක්ෂය කිසිදු පැකිලීමකින් තොරව පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

විපක්ෂය සිට ඉදිරි මහ මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා සියලු කණ්ඩායම් ඒකරාශී කරගනිමින් පුළුල් වැඩපිළිවෙළක් සකස් කරන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස