පාදෙණිය එළවා නවීන් GMOA සභාපති වෙන්න හදයි..! මුරුත්තෙට්ටුවේ හිමිගේ සහයත් ඉල්ලයි..! හඬපට එළියට දාන්න සූදානම්…!

November 27, 2021 at 5:39 pm | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA)සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එම තනතුරින් ඉවත්කර දෙන්නැයි එම සංගමයේම සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටින හඬපටයක් තමන් සතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

“මීට මාසෙකට පෙර මම කිව්වා මේ රටේ කිසිදු සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ට මාෆියා සංවිධානවලින් නිකරුණේ ඉන්න හම්බුණේ නෑ. තමන්ගෙ රාජකාරිය ඉටු කරගෙන, හරි දේ කරගෙන ඉන්න හම්බුනෙ නෑ මෙච්චරකල්. ඒක නිසා අපි දැක්කා පඹ සෞඛ්‍ය ඇමතිනියක් මීට පෙර හිටියා පවිත්‍රා දේවී වන්නිආරච්චි කියලා. ඇය එහෙම හිටිය නිසා – ඇය දන්නෙම නෑ, ගෙදර යන්න වුණා වෙනත් බලවේග නිසා – නමුත් ඇයට මාධ්‍ය මගින් කිසිම ප්‍රහාර එල්ල වුණේ නෑ.

හැබැයි වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හරියට කෙලින් තීන්දු අරගෙන සියලුම වෘත්තීය සමිතිවලට එක හා සමානව සලකාගෙන කටයුතු කරනවා කියලා පෙනී ගිය නිසා මං පැහැදිලිව කිව්වා ඔහුට නම් ප්‍රහාරයක් එල්ල වෙයි ළඟදි කියලා. ඔහුට ඔන්න ප්‍රහාරයක් එල්ල වුණා. හැබැයි මම කියා සිටිනවා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට නිකම් අධෝමුඛයෙන් යන වාතයක් තරම්වත් මේක ගණං ගන්න එපා කියලා.

ඉතිං කියන්නම් ඔය නවීන් සොයිසා කියන වචනෙ පාවිච්චි වෙච්ච හින්දා අපි ළඟ හඬපට තියෙනවා, ඔහු කොහොමද මේ පන්සලේ අපේ හාමුදුරුවොන්ගෙන් පාදෙනියව එළවලා දෙන්න කියලා ඉල්ලුම් කරන හඬපට. අපි ළඟ තියෙනවා. ඒවා අපි එළියට දාන්නෙ නැත්තෙ අපේ යම්කිසි සදාචාරාත්මක තත්ත්වයක් තියෙන නිසා. නමුත් ඔහු අභියෝග කළොත් අපි ඒවා එළියට දාන්න මැළි වෙන්නෙත් නෑ.”

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව පැවසුවේ ඊයේ (26) නාරාහේන්පිට අභයාරාමයේ විහරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස