පාතාළ කල්ලි භීතියෙන් සලිත වෙයි! බහුදින ධීවර යාත්‍රාවල නැඟී ගැඹුරු මුහුදේ සැඟවෙයි!

September 6, 2020 at 9:33 pm | by emanisa.lk

පාතාළ කල්ලි මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ ගෙන යන මෙහෙයුම් හමුවේ බොහෝ පාතාළ කෙරුමන් අත්අඩංගුවට පත්වීම නිසා සෙසු පිරිස බෙහෙවින් කලබලයට පත්ව තිබේ.

දකුණේ පළාතේ පාතාළ මර්දන මෙහෙයුම්වලින් ගැලවීම සඳහා නමගිය පාතාළ කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු බහුදින ධීවර යාත්‍රාවල නැඟී මුහුදු ගොස් ඇතැයි බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබේ.

බහුදින ධීවර යාත්‍රා මාස දෙකක පමණ කාලයක් මුහුදේ රැඳී සිටින අතර ආරක්ෂක අංශවල මෙහෙයුම්වලින් බේරී සිටීම සඳහා පාතාළ කණ්ඩායම් මෙම උපක්‍රමය අනුගමනය කර තිබේ.

කෙසේ වුවද බහුදින ධීවර යාත්‍රාවල නැඟී මුහුදු ගිය පාතාළ සාමාජිකයන් පිළිබඳ සියලු තොරතුරු ආරක්ෂක අංශ දැනටමත් සොයා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු සොයා ඇතැයි ද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස