පාතාළ කල්ලි නායක SF ලොක්කා ඝාතනය කෙරේ!

August 5, 2020 at 3:30 pm | by emanisa.lk

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද උදෑසන 11.45ට පමණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 33 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස