පාතාළ අපරාධකරු කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට…! ප්‍රභාකරන් එක්ක චන්ද්‍රිකාට බෝම්බ ගැහුවෙත් ගුණා….!

February 2, 2021 at 2:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ජාත්‍යන්තර පොලිසිය සහ ඉන්දියානු පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමක දී ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලා ඇළේ ගුණා සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසයි.

මිට අමතරව පාතාල වෙඩික්කරුවකු වූ “බුම්බා” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඉදිරියේ දී ද විදේශ රටවල සැඟ වී සිටින පාතාළ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කරයි.

1999 වසරේ දෙසැම්බර් මස 18 වන දා පැවැති මහජන රැස්වීමක දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් කොටි සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද කිඹුලා ඇළේ ගුණාට චෝදනා එල්ල වෙයි.

එම ප්‍රහාරයෙන් පසු ඔහු ඉන්දියාවට පළා ගොස් ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් තමිල්නාඩුවේ සැඟව සිටින බව වාර්තා විය. කිඹුලා ඇළේ ගුණා කොටි සංවිධානය සමග සමීප සබදතා පැවැත්වූ බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස