පාඨලී රණවක ගෝඨාභය අත්අඩංගුවට ගන්න බලපෑම් කළා! මේවා ඉතිහාසයේ කිසිදා වුණේ නෑ! නැවත විය යුතුත් නෑ! – යහපාලනේ නීතිය නැමූ හැටි සුහද ගම්ලත් හෙළි කරයි….

July 1, 2020 at 4:53 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇවන්ගාර්ඩ් නඩුවට පටලවා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා යහපාලන රජයේ ප්‍රබලයන් කටයුතු කළ බවත් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට දැඩි බලපෑම් කළ බවත් විශ්‍රාමික නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.

අරලියගහ මන්දිරයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් තබමින් ඒ සඳහා නීති අංශවල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කැඳවා නඩුවල ප්‍රගතිය විමසමින් ඇමතිවරුන් උපදෙස් දුන් බවත් බලපෑම් කළ බවත් හෙතෙම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය සුහද ගම්ලත් මහතාගෙන් විමසූ හරස් ප්‍රශ්න හමුවේ අනාවරණය කළේය.

එවැනි රැස්වීමකින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඇමති පාඨලී රණවක තමන්ට පැවසූ බවත් ඔහු එහිදී හෙළි කළේය. මෙම සමස්ත ක්‍රියාදාමය ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට විරුද්ධ බවත් කාගේ උපදෙස් අනුව එවක ආණ්ඩුව මෙසේ කටයුතු කළේ දැයි නොදන්නා බවත් හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවලට ප්‍රබල ඇමතිවරුන් මෙන්ම එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ද පැමිණ ඉදිරියෙන්ම සිටි බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස