ප්‍රභාකරන් බල්ලෙක් වගේ මරා දැම්මා යැයි කීම බෞද්ධ සම්ප්‍රදායට පටහැනියි….! – චාමීර පෙරේරා….

January 12, 2021 at 6:07 pm | by emanisa.lk

ප්‍රභාකරන් බල්ලෙක් වගේ මරා දැම්මේ යැයි ප්‍රකාශ කිරීම බෞද්ධ සම්ප්‍රදායට පටහැනි බව පුරවැසි මහජන පෙරමුණේ චාමීර පෙරේරා පවසයි.

පසුගිය ආණ්ඩු යටතේ ද විවිධ අවස්ථාවල මෙවැනි ඝාතන සිදු වුව ද මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයෙකු එවැනි ප්‍රකාශයක් කර නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

තමා දන්නා සිංහල බුද්ධාගම අනුව එවැනි ප්‍රකාශයක් කළ නොහැකි බව ද මනුස්සයෙකුට නොව සතෙකුටවත් එසේ නොකියන බවත් චාමිකර පෙරේරා සඳහන් කරයි.

තමන් මෙතෙක් සිතා සිටියේ වේළුපිල්ලේ ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියාට එරෙහිව යුද්ධ කළේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ යහපත සඳහා බව වුවත් එය පිත්තල හන්දියේ බෝම්බයක් පිපිරවිම නිසා ඇති වූ පුද්ගලික තරහක් නිසා කළ බව එම ප්‍රකාශයෙන් ඒත්තු යන බව ද ඔහු පෙන්වා දෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *