ප්‍රභාකරන්ට බය නොවුණු අපි පාතාළ නායකයන්ට බය නෑ! පටන් ගත් වැඩේ ඉවර කරලා මිස පස්ස බලන්නේ නෑ! – නන්දිකඩාල් වීරයාගෙන් පාතාළයට පිළිතුරු ..

July 24, 2020 at 10:49 pm | by emanisa.lk

කුමන ආකාරකය ජීවිත තර්ජන එල්ල වුවද පාතාළය මර්දනයට ගෙන යන සටන අත්නොහරින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

ඊළාම් යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වා ජීවිත තර්ජන මැද ගත කළ තමන් කුමන පාතාළ නායකයා තර්ජනය කළත් පාතාළය මර්දන සටන නතර නොකරන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි.

පසුගිය කාලය තුළ රට තුල නීතිය නිවරදිව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාතාළ ක්‍රියාකාරම් වැඩි වී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

එම පාලනය තව වසර හතරක් පහක් ඉදිරියට ගියේ නම් මනුස්සයෙකුට පාරේ බැස යා නොහැකි තත්ත්වයක් උදාවන බව ඔහු අවධාරණය කරයි.

ජනතාවට නිදහසේ ජිවත් විය හැකි සමාජයක් ගොඩනගන බව ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස