දමිතාට නරක් වුණ පරිප්පු දීලා බඩේ අමාරුව හැදිලා..! ⁣ටොයිලට් පෝලිමේ පැය ගාණක් දුක් විඳලා..!- හිරුණිකා…

September 10, 2022 at 10:30 pm | by emanisa.lk

නරක් වූූ පරිප්පු කෑමට ලබා දීම නිසා බන්ධනාගාරගතකර ඇති දමිතා අබේරත්න රෝගාතුරුව ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

උදෑසන වැසිකිළියට යාමට අවශ්‍ය වී පැය ගණන් බලා සිටීමට සිදුව ඇති බවත් සිය ගණනක් කාන්තාවන්ට යාමට ඇත්තේ එක වැසිකිළියක් බවත් ඇය පවසයි.

දමිතා අබේරත්න මරණ දඬුවම ලද කාන්තාවන් හතර දෙනෙකු සිටින කුටියක දමා ඈ මානසිකව හිංසනයට ලක් කරමින් ඇති බවට ද හිරුණිකා චෝදනා කළාය.

බන්ධනාගාාර ආහාර පිළිබඳ රංජන් රාමනායක පැවසූූ සියල්ල  සත්‍ය බව දමිතා අබේරත්න තහවුරු කළ බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *