පළාත් සභා විරෝධය නොතකා හරී! මැතිවරණය සිංහල අවුරුද්දට පස්සේ!

November 21, 2020 at 12:27 pm | by emanisa.lk

ලබන වසරේ (2021) සිංහල අලුත් අවුරුද්දෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පැවැත්වීමට තිබූ පළාත් සභා මැතිවරණය සීමා නිර්ණයේ ඇති වූ ගැටලු හේතුවෙන් කල් ගියේ ය. ඇතැම් පළාත් සභාවල කාලය ඉක්මවා ගොස් දැනට වසර දෙක-හතර පසුවී ඇත.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරණි කමයට ද, කොට්ඨාස ක්‍රමයට ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැත.

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව වාර්තාවේ.

එහි දී නව පළාත් සභා මැතිවරණය ක්‍රමය ආරම්භ වන වර්ෂය දීර්ඝ කිරීමෙන් පැරැණි ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බව නීති උපදේශකයන් ආණ්ඩුවට පෙන්වා දී ඇත.

කෙසේ වුවද පළාත් සභා ක්‍රමයට එරෙහිව ජාතික බලවේග දැඩි විරෝධයක් දක්වන අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව සම්මත කරගත යුතු බව ජාතික සංවිධානවල මෙන් ම භික්ෂූන් වහන්සේලාගේ ද ඉල්ලීම වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස