පළාත් සභා මැතිවරණය කඩිනම් කරනු – යුක්තිය උදෙසා කාන්තාවෝ

January 17, 2019 at 4:46 pm | by admin

වසර එකහමාරක් වැනි කාල සීමාවක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුයට බලකරන බව යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය සඳහන් කරයි.

පළාත් සභා හයක කාල සීමාව මේ වනවිට ඉක්මවා ඇති අතර මෙම ආයතන ඔස්සේ ජනතාවට ඉටුවිය යුතු මහජන සේවාවන් ඉටුකර ගැනීමට නොහැකි වී ඇති හෙයින් වහාම මැතිවරණය පැවැත්විමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එම සංවිධානය පවසයි.

පළාත් සභා මැතිවරණය කල් දමමින් කටයුතු කරන ආණ්ඩුව ,රට මේ මොහොතේ ඉල්ලා නොසිටින ව්‍යස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් තවත් අර්බුද රැසක් නිර්මාණය වී ඇති බවත් ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව අධිකරණයට යෑමට අපේක්ෂා කරන බවත් සඳහන් කළාය.

යුක්තිය උදෙසා කාන්තා සංවිධානය කොළඹ සමාජ සාමයික කේන්ද්‍රයේදී ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි මේ කරුණු අනාවරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස