සී වී විග්නේෂ්වරන් උතුරු පළාත් මහා ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දී ඊළාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර සඳහන් කරයි.
ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම පැවති ජන හමුවක් අමතමිනි.
ඒ සඳහා උපාය මාර්ගිකව අවශ්‍ය වන යෝජනා 27ක් සම්මත කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
විග්නේෂ්වරම් මහ ඇමැති ධුරය දැරූ වසර පහක කාලයේ දී මෙම යෝජනා සම්මත කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම සියලු යෝජනා සම්මත කරගෙන ඇත්තේ සිංහලයන්ට එරෙහිව බවද පැවසූ ඔහු සිංහල නායකයන් සැලසුම්සහගතව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට සහ සිංහල දේශපාලනඥයන් සැලසුම් සහගතව දෙමල කාන්තාවන් වඳභාවයට පත් කිරීමට කටයුතු කළ බවට යෝජනාවක් සම්මත කර ගෙන ඇති බවද ඇමතිවරයා පැවසීය.
නමුත් මෙම කිසිදු යෝජනාවක් පැවැති යහපාලන රජය විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකළ බව ද ඔහු කියා සිටියේය.