පස් වසරකට පසු චන්ද්‍රකාන්තන්ට ඇප!

November 24, 2020 at 3:06 pm | by emanisa.lk

මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඇප මත මුදාහැර තිබේ.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් විසින් එම නියෝගය ලබාදී ඇති බව අප වාර්තාකරු පැවසීය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමි වී තිබේ.

2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේව මෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් ඝාතනයට ලක්විය.

2015 වසරේ ඔහු අත්අඩංගුවට ගත් අතර 2020 මහා මැතිවරණයේ දී සිරගතව සිටිය දී ම පාර්ලිමේන්තුවට තේරි පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *