පස්කුවල් මහතාගේ මහගෙදර 56 පෙරළියේ හරය කියාපාන ඓතිහාසික සංකේතයක්! – ගෙවිඳු

July 13, 2020 at 10:15 pm | by emanisa.lk

දයා ටී. පස්කුවල් මහතාගේ මහ ගෙදර යනු පනස් හයේ පෙරළියත් සමග ඉතිහාසයත් සමග බැඳුණු ස්ථානයක් බව එම නිවසෙහි කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක අනුප පස්කුවල්ගේ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එකතු වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

“දයා ටී. පස්කුවල් මහතාගේ මහගෙදර කියන්නේ පනස් හයේ පෙරළියත් සමග ඉතිහාසයත් සමග බැඳුණු ස්ථානයක්. දයා ටී. පස්කුවල් කියන්නේ අද අපේ සමාජය ඉල්ලා සිටින ආදර්ශයක්. නිහතමානී, අව්‍යාජ, සරල නායකයෙක්. පරිහානියට පත් වෙලා තියෙන දේශපාලන සංස්කෘතිය යළි ගොඩනැගීම සඳහා ආදර්ශයක් සැපයූ ඒ පස්කුවල් පරපුරට කෘතඥ වෙනවා.

මතුගමින්, කළුතරින් ඒ ආදර්ශය රටට ලබා ලබා දීම සඳහා මේ ආකාරයට මැදිහත් වීම ගැන අගෝස්තු පහ මැතිවරණයේ ජාතික වැදගත් කමත් යුතුකම සංවිධානය හැටියට මේ රටේ දේශපාලනයට කරන මැදිහත් වීම ගැනත් සිහිපත් කරන්නට කැමතියි.

අගෝස්තු පහ පැවැත්වෙන මහා මැතිවරණය මේ රටේ අනාගතය වෙනස් කරන්නට පුළුවන් මහා මැතිවරණයක් හැටියට යුතුකමේ අපි දකිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යෝජනාවලිය හැටනම ලක්ෂයක් ජනතාව අනුමත කළා.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක අනුප පස්කුවල් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස