පවුලේ ගැටලු තියෙනවා කියලා පිට ගිහින් හරියන්නේ නෑ…! – නාමල්…

November 2, 2021 at 7:19 am | by emanisa.lk

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි.

ඒ අවස්ථාවේ ඕනෑ ම ඇමැතිවරයෙකුට තම අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ තිබූ බවත් ඔහු පෙන්වා දෙයි. එම අවස්ථාව භාවිත නොකර තැන් තැන්වල ඒ ගැන කතා කිරීම සාධාරණ නොවන බවත් ඔහු සඳහන් කරයි.

එහෙම ප්‍රකාශ කිරීම තුළින් තමන්ම අපකීර්තියට පත් වන බවත් තමන් හදපු ආණ්ඩුව තමන්ම විවේචනය කිරීම හරි යන්නේ නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

“පවුලේ ගැටලු තියෙනවා කියලා පිට ගිහින් හරියන්නේ නෑ” යැයි ද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *