පවිත්‍රාට සෞඛ්‍ය ඇමැති ධුරය අහිමි වන ලකුණු! රමේෂ් සහ සුදර්ශනී පිළිබඳ බලාපොරොත්තු!

November 12, 2020 at 2:03 pm | by emanisa.lk

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ඇමති ධූරය වෙනස් කිරීම ස්ථිර ලෙස ම සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයෙ (11) සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට යෝජනා සම්මත කරගනු ලද්දේ මෙම සංශෝධනය පිළිබඳව ඉඟියක් ලැබීම නිසා බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත් නොවීම පවිත්‍රා වන්නිආරච්චිගෙන් එම ධුරය ඉවත් කිරීමට හේතු වී ඇති බව ද දැනගන්නට තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෞඛ්‍ය ඇමැතිවරියගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව සතුටකින් පසු නොවන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ නම් සෞඛ්‍ය ඇමැති ධූරය සඳහා යෝජනා වී ඇති බව ද දැනගන්නට තිබේ.

පවතින වසංගත තත්වය හමුවේ විෂය පිළිබඳ අවබෝධයක් ඇති මහජන නියෝජිතයකු එම ධූරයට පත් කිරීම වඩාත් සුදුසු බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී තිබේ.

20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද කැබිනට් මණ්ඩලයේ සීමාව 30කට සීමා වී තිබෙන අතර මේ වන විට පත්කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු පමණි. එ් නිසා නව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමට ද බාධාවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස