පරිප්පු හැංඟුවොත් මාස 06ක් හිරේ පරිප්පු කන්න වෙයි!

March 31, 2020 at 8:57 am | by emanisa.lk

මැනිං වෙළෙඳපොළ සහ පිටකොටුව අවට තොග වෙළඳුන් පරිප්පු සඟවා තබා ගැනීමත් පිළිබඳව පැමිණිලි අධිකාරියට ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.

පාරිභෝගික කටයුතු පනත යටතේ මාස 6ක් සිරදඬුවම් හිමිවන බවද ඔහු වැඩිදුරත් පැවසීය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පාරිභෝගික පැමිණිලි 2200ක් ලැබී ඇති බව එම අධිකාරිය පවසන අතර ඒ අතරින් බහුතරය වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස