පරාජිත රනිල් පාර්ලිමේන්තුවට ගෙන එන කුමන්ත්‍රණයක්! – සමගි බලේ විරෝධය..

August 6, 2020 at 10:32 pm | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික්කයෙන් සීයයට 5ක අවම ජන්ද ප්‍රතිශතයක් ලබා නොගත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ මනාප ගණන් කිරිමට උත්සහයක් පවතින බව සමගී ජනබල වේගය සඳහන් කරයි.

සමස්ත දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය මන්ත්‍රී ආසන ගණනින් බෙදූ විට ලැබෙන සම්ප්‍රයුක්ත කොටස ඉලක්ක කරගෙන මෙම මනාප ගණනය කිරීම සිදුකරන බවට ද එහි චෝදනා කෙරෙයි.

කොළඹ දිසාපතිවරයා ද එම මනාප ගණනය කරන බව තහවුරු කර ඇති අතර තේරී පත්වන මන්ත්‍රීවරුන් පිළිබඳ තීන්දුවක් ගෙන නැතැයි ද පවසයි. කෙසේ වුවද මෙම අනීතික ක්‍රියාවට සිය පක්ෂය දැඩි විරෝධය පළ කරන බව සමගී ජනබල වේගය නිවේදනය සිය නිවේදනයෙන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *