පරණ විදිහට රට දියුණු කරන්න බෑ,…! මුහුද මැද සත්තුවත්තක් හදමු…! හැලි අරක්කු ගංජා රට පටවමු…! – විමල්ගේ පක්ෂයෙන් නව අයවැය යෝජනා…..

November 26, 2021 at 4:51 am | by emanisa.lk

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්පවලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සඳහන් කරයි.

සාම්ප‍්‍රදායික ක‍්‍රම හරහා රට තව දුරටත් දියුණු කළ නොහැකි බව පවසන ඔහු, දියුණු රටවල ජාතික ප්‍රතිපත්ති දිගුකාලීන ක්‍රියාත්මක වන බවත් පාලකයා පමණක් වසර පහකට වරක් මාරු වන බවත් පැවසීය.

ශ‍්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩිකර ගැනීම සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට විශාල අවස්ථාවක් ඇතැයි ද පැවසූ මන්ත්‍රීවරයා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ඇති කළ යුතු බව ද සඳහන් කළේය.

යාපනයේ දූපතක් තෝරාගෙන ලොව පුරා ධනවත් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ‘පැරඩයිස් අයිලන්ඩ්’ එකක් නිර්මාණය කළ හැකි බව ද ඔහු පැවසීය.

එමෙන්ම වරාය නගරය ආකාරයෙන් සාගරය ගොඩකර සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවද පැවසූ ඔහු එය සාගරයේ ඉදිවන පළමු සත්තු වත්ත ලෙස ද වාර්තා වනු ඇතැයි සඳහන් කළේය.

විදේශ විනිමය වෙනුවෙන් ගංජා වවා අපනයනය කිරීමත්, හැලි අරක්කු කර්මාන්චය දියුණු කිරීමත් කළ හැකි බවත් උද්දික ප්‍රේමරත්න සදහන් කළේය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය. උද්දික පේමරත්න අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමණ නියෝජනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස