සීනි මිල වැඩි කළ යුතුයි..! නැත්නම් ගමක් ගාණේ කසිප්පු පෙරනවා…! – බන්දුල..

March 12, 2021 at 11:40 pm | by emanisa.lk

සීනි ආනයනය වැඩි වී ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් නිසා යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අද (12) පෙරවරුවේ රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.

“සීනි ආනයනය වැඩිවෙලා තියෙන්නේ සීනි මිල අඩු වුණ නිසයි. සීනි අඩු මිලට දෙන එක හොඳ නෑ කියලා තමයි මාත් පුද්ගලිකව හිතන්නේ.

මොකද සීනි පාවිච්චි කරන්නේ තේ බොන්න විතරක් නෙමෙයි. වෙන කර්මාන්තයක් තියෙනවා නීතිවිරෝධී ගෘහ මට්ටමින් සිද්දවෙන ගම් මට්ටමේ කර්මාන්තයක්.

වැඩි වැඩියෙන් සීනි ලාභ වුණා ම ඒකට යෙදවෙනවා. ඒක ප්‍රායෝගික ඇත්තක්. ඒ අය හැළි පිටින් මේ දිනවල හදා ගන්නවා ඇති.”

2020 ජනවාරි සීනි ආනයන ආදායම 2021 ජනවාරි 186% ගුණයකින් වර්ධනය වී ඇති බව ගණනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *