නෝර්වේ කොටි නායකයා ගුවන්තොටේදී අත්අඩංගුවට! පැමිණිල්ල යාපනේ වැසියෙකුගෙන්!

June 22, 2020 at 7:06 pm | by emanisa.lk

LTTE සංවිධානයේ නෝර්වේ ප‍්‍රධාන සංවිධායක සහ මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් නමැත්තා කටුනායක ගුවන්තොටුපලේදී අද (22) අලූයම ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය භාරයට ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණි සේතුපරන් අවස්ථා කිහිපයක දී මෙරට ආරක්ෂක අංශ විසින් ප‍්‍රශ්න කිරීම්වලටද ලක්කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප‍්‍රමාද කර ඇති ඔහු, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට මෙලෙස පැමිණ තිබුණේ යළි නෝර්වේ බලා යාමටය.

කෙසේ වෙතත් ඔහුට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහු අද අලුයම 2.00 ට පමණ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට යොමු කෙරිණි.

යාපනයේ පදිංචි ආරියගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරේ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පියවර ගත් බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස