මානව හිමිකම් කවුන්සිලය නේස්බි සාමිගේ සත්‍ය වාර්තාව ඉවත දමයි! කොටින්ගේ බොරු වාර්තාව ඉස් මුදුනින් පිළිගනී!

February 29, 2020 at 9:03 am | by emanisa.lk

වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව හයදහසක් බවට බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිවරයා ඉදිරිපත් කළ රහස් වාර්තාව පිළිගැනීම මානව හිමිකම් කවුන්සිලය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මානව හිමිකම් කවුන්සිලය එම සත්‍ය රහස් වාර්තාව වෙනුවට පිළිගෙන ඇත්තේ විදෙස්ගත කොටි සහ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ගොනුකළ මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව හතළිස් දහසක් (40,000) බව දැක්වෙන වාර්තාවයි.

වන්නි මෙහෙයුම සමයේ මෙරට සිටි බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ් විසින් මෙම රහස් වාර්තාව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවා තිබිණි.

සුකා විසින් ඇගේ වාර්තාව 2019 දී සංශෝධනය කරමින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව හතළිස් දහසේ සිට හැත්තෑපන්දහස දක්වා වැඩි කර ඇත.

මේ ගැන ලන්ඩන් නුවර සිට නේස්බි සාමිවරයා පවසා ඇත්තේ යස්මින් සුකා බොරු වාර්තා ඉදිරිපත් කර මානව හිමිකම් කවුන්සිලය රවටන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස