නො එන බව කී බැසිල් හෙට පාර්ලිමේන්තුවට! ඇමති ධුරයක් සූදානම්?

November 2, 2020 at 9:29 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දීමේ ඉඩක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ හෝ ජාතික ලැයිස්තුවේ සිටින මහාචාර්යවරයෙකු ඉල්ලා අස්වන බව ය.

අදාළ ඉල්ලා අස්වන මහාචාර්යවරයාගේ බෑනාට තානාපති සේවයේ තනතුරක් හිමිවීමට නියමිත බවත් ය. මෙය හෙට හෝ නුදුරේ දී ම සිදුවනු ඇතැයි මන්ත්‍රීවරයා අනුමාන කරයි.

කෙසේ වුවද බැසිල් රාජපක්ෂ තමාට පාර්ලිමේන්තුට පැමිණිමේ කිසිදු උවමනාවක් නැති බව පසුගිය සමයේ ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස