නිසි නඩත්තුව නැතිව කොටුවම ගඳ ගැස්සූ පාවෙන වෙළඳසැල් පිළිසකර කෙරේ!

December 18, 2019 at 6:43 pm | by emanisa.lk

කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

පසුගිය වසර හතරහමාරක කාලය තුළදී මෙම වෙළඳසැල් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා මේ වනවිට වෙළඳසැල් රාශීයක් වසාදමා ඇත. එමෙන්ම පාවෙන වෙළදසැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදුවීම නිසා පසුගිය කාලයේදී පාරිසරික ප‍්‍රශ්නද මතුව තිබුණි.

එවකට ආරක්‍ෂක ලේකම්වරයා වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සංකල්පයක් අනුව පාවෙන වෙළඳසැල් සංකීර්ණය 2014 වසරේදී ආරම්භ කෙරිණ.

වෙළඳසැල් 103න් සමන්විත මෙම වෙළද සංකීර්ණය ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන 312ක මුදලක් වැය වී ඇත. එම සම්පූර්ණ මුදලම වසර පහකින් අය කරගැනීමටද නාගරික සංවර්ධන අධිකාරිය සැළසුම්කර තිබිණ. එමෙන්ම මෙම වෙළද සංකීර්ණයේ ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාව යෙදවීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස