නිවසේ මැරෙන සියලු දෙනාගේත් PCR කරන්න ඕන! – GMOA

November 15, 2020 at 3:04 pm | by emanisa.lk

නිවෙස්වල මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ‘සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය වෘත්තිකයන්ට මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ නිවෙස්වල මිය යන සියලු දෙනාගේ සිරුරු සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම වඩාත් යෝග්‍ය බවයි.

“සමහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ප්‍රායෝගික ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම නිවාස ආශ්‍රිතව මරණයක් සිදුවුණාට පස්සේ PCR එක කරන විදිහ, PCR වාර්තාව එනකම් මෘතදේහය තබා ගන්න විදිහ ගැන.

මේ වගේ ගැටලු ගණනාවක් තියෙනවා. කොවිඩ් මෘතදේහ හරහා රෝගය ව්‍යාප්ත වෙන එකත් පාලනය කරගෙන අපි ඉස්සරහට යන්න අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස