නිරෝධායන නීති කැඩූ එක ම පවුලේ දහයකට කොරෝනා!

November 9, 2020 at 3:10 pm | by emanisa.lk

ගාල්ල, මකුළුව ගම්මානයේ එක ම පවුලකට අයත් 10 දෙනකුට කොරෝනා ආසාදන වී තිබේ.

එම නිවෙස් හා අවට ප්‍රදේශ විශබීජහරණය කිරීම ද ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම ද අද(09) සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

පියා ආසාදිතයෙකු වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර තිබූ පවුලක මව හා දරුවන් හතර දෙනා ද ආසාදිතයින් බව මින්පෙර හඳුනා ගෙන තිබිණි.

නිරෝධායන නීතිවලට අනුකූල නො වෙමින් ඔවුන් සමග සබඳතා පැවැත්වූ තවත් ඥාතීන් හතර දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) තහවුරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස