නිරෝධායනයට යා යුතු අපේක්ෂකයන් තිදෙනෙක් ඡන්ද ප්‍රචාරක වැඩවල! චන්ද්‍රසේන සහ දුමින්දත් ඒ අතර?

July 20, 2020 at 10:24 pm | by emanisa.lk

කොරෝනා වෛරස් රෝගීන් සමග ගැවසුණු ආශ්‍රිතයන් වන මැතිවරණ අපේක්ෂකයන් තිදෙනෙකු මේ වන විට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරවල යෙදී සිටින බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ රාජාංගණයේ කොරෝනා ආසාදිතයකු පැමිණි මළ ගෙදරකට සහභාගී වූ දේශපාලකයන් තිදෙනෙකුට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දුන්නද ඔවුන් එම නිරෝධායන නීති කඩමින් මැතිවරණ ප්‍රචාරක කටයුුතුවල නිරත වන බවය.

සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මේ අතර එස්.එම්. චන්ද්‍රසේන සහ දුමින්ද දිසානායක ද සිටින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස