නැව ගිලුනත් බෑන් චූන්….! කණ්ඩායම තරඟ පිට තරඟ පැරදෙයි…! ක්‍රීඩකයෝ ඩර්හැම් වීදියේ බීඩි කොට අදිති…!

June 28, 2021 at 10:04 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සිටින වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ ජයග‍්‍රාහී තරඟ සංචාරයක යෙදෙමින් සිටින අතර රාත්‍රියක ඩර්හැම් වීදියේ දුම්වැටියක් උරන්නට සැරසෙන ආකාරය එහි දැක්වෙයි.

සමාජජාලා වෙත ප‍්‍රතිචාර දක්වන පිරිස් සඳහන් කරන්නේ එහි මත්පැන් පානය සඳහා මධ්‍යම රාත්‍රියේ ඔවුන් සැරිසරමින් සිටින බවයි.

පසුගිය කාලය පුරා දැඩි අසාර්ථකත්වයක් පෙන්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මෙම හැසිරීම සමාජජාලවල දැඩි ලෙස විවේචනය වෙයි. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම හැර තරඟ සංචාරවල දී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සියල්ල කරන බවට ක්‍රීඩාලෝලීහු චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස