Road Safety ක්‍රිකට් තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට…! තරඟාවලියේ වීරයා නායක දිල්ෂාන්…!

March 21, 2021 at 11:11 pm | by emanisa.lk

ඉන්දියානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර පැවැති Road Safety ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය ජයගත් ඉන්දියාවට ශූරතාව හිමි විය.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට අනුශූරතාව හිමි විය.

ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 තුළ විකට් 04ක් දැවී ලකුණු 181ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 20 ඇතුළත විකට් 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණි. ඒ අනුව ඉන්දියානු කණ්ඩායමට ලකුණු 14ක් ජයග්‍රහණයක් හිමි විය.

තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ෂාන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *