අපි ගැහුවත් නැතත් ගෙවනු..! දක්ෂතා පදනම් කරගෙන ගෙවීම් කිරීම වැරදියි…! ක්‍රීඩකයෝ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරති…!

May 16, 2021 at 1:15 pm | by emanisa.lk

වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.

මේ හේතුවෙන් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අස්සන් කිරීම ප්‍රමාද කරමින් සිටින බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල සියයට 50කින් පමණ කපා හැර ඇති බව වාර්තා වේ.

මීට පෙර පැවති කොන්ත්‍රාත්තු සමග සැසදීමේ දී සමස්තයක් ලෙස ක්‍රීඩකයකුගේ ගෙවීමෙන් සියයට 35 කට ආසන්න මුදලක් කපාහැර ඇති බවත් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරමින් සිටින බවත් දැනගන්නට තිබේ.

ශාරීරික යෝග්‍යතාව, වෘත්තීය දස්කම්, නායකත්ව ලක්ෂණ සහ අනාගත වටිනාකම යන ලක්ෂණ පදනම් කරගනිමින් මෙවර කොන්ත්‍රාත් ගිවිසුම ලබාදුන් බවත් එම ගිවිසුමට ක්‍රීඩකයන් 24 දෙනකු ඇතුළත්ව සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම ක්‍රීඩකයන් 24 දෙනා ඒ, බී, සී සහ ඩී යන කාණ්ඩ යටතේ ඇමරිකානු ඩොලර් 25,000 සිට ලක්ෂය දක්වා වන සේ කාණ්ඩ ගත කර තිබේ.

එහි ඉහළ ම කාණ්ඩයට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඇතුළත්ව සිටින අතර ඔවුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට ආසන්න වාර්ෂික ගෙවීමක් හිමිවේ.

කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ: ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය.

lankadeepa

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *