නැඟෙනහිර ජැටිය විකුණන වැඩේට මගේ සම්පූර්ණ සහාය දෙනවා…! – සමගි බලේ දිගම්බරන්…

January 31, 2021 at 8:39 am | by emanisa.lk

කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය සඳහා විදෙස් ආයෝජන ගෙන ඒමට ආණ්ඩුවට තමන්ගේ පූර්ණ සහාය හිමි බව සමගි ජන බලවේගයේ පාර්ශ්වකරුවෙකු වන පී. දිගම්බරන් පවසයි.

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය හම්බන්තොට වරායට ආයෝජන ගෙන එන විට එවක විපක්ෂයේ සිටින කණ්ඩායම් එරෙහි වුව ද තමන් සහාය ලබා දුන් බව ද ඔහු සඳහන් කරයි.

තමා විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පටු දේශපාලනයක නිරත නොවන බව ද ඔහු සඳහන් කරයි. රට ණය බරින් මිරිකෙන බවත් ආයෝජනයට මුදල් නොමැති බවත් සඳහන් කරන දිගම්බරන් රටට විදෙස් ආයෝජන උවමනා බව අවධාරණය කරයි.

හැටන් ප්‍රදේශයේ ඊයේ (30) පැවැති ජනහමුවක දී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස