නාවලපිටියේ එජාප පුංචි මන්ත්‍රී රොත්තම පොහොට්ටුවට! සජිත් මෙදා නැවතත් අනාථයි! විපක්ෂයේ ඉතිරි වුණේ ජවිපෙ මන්ත්‍රීවරයා පමණයි!

June 30, 2020 at 5:28 pm | by emanisa.lk

නාවලපිටිය ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කළ එජාපයේ මන්ත්‍රිවරුන් අට දෙනෙක් ඇතුළු නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් දහසකට ආසන්න පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විම සඳහා එකතු වී තිබේ.

අද (30) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ හමු වී මෙම පිරිස පොදුජන පෙරමුණය සමග එකතු වී තිබේ.

නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවක නාවලපිටිය යු.එන්.පි අපි යනුවෙන් ගඟ ඉහළ කොරළේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් රැස්විමක් කැඳවා තිබූ අතර ඔවුන්ගේ ඉල්ලිමක් මත ඊට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ එක් විය.

එක්සත් ජාතික පක්ෂයේ හිස්වැසුම් සහිතව රැස්විම් ශාලාවේ රැඳී සිටි එම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විමත් සමග පැළඳ සිටි එක්සත් ජාතික පක්ෂයේ හිස් වැසුම් ගලවා ඉවත් කර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ ගේ අංකය සහිතව හිස්වැසුම් පැළඳ එම රැස්විම පැවැත්වුහ.

අද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග මෙසේ එක් වු පිරිස වන්නේ ආන්නද කුලතිලක , අෂාරා අලුත්ගමගේ, සුමේද අලුත්ගමගේ, චාන්දනි අල්විස්, සුමුදු පෙරේරා, සුබ්‍රමණියම් වාසු දේවන්, අනුරාධ රත්නායක, රමණි අලුත්ගමගේය. එම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියොජනය කළ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි හර්ෂ කුලතිලක ද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විය. එම ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකු පමණක් සිටින බව ප්‍රාදේශිය සභාවේ සභාපති ධම්මික නදිර ජයසේකර මහතා පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස