තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා දිවුරුම් දුන් නව අමාත්‍යංශය සඳහා ඩබ්.එච්. කරුණාරත්න ලේකම් ලෙස පත්කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදය නිකුත් කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ අමාත්‍යංශයට අයත්ව තිබූ විෂයයන් කිහිපයක් වෙන් කරමින් මෙම නව අමාත්‍යංශය සකස් කර ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් හරහා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ ඇමතිවරයාට පවරා ඇත.