නත්තල් සමයේ කොරෝනාට වැට බඳින්න නව පියවර! PCR වාර්තා නැතිව කොළඹින් බැහැර කිසිම හොටලයක නවාතැන් නෑ!

December 19, 2020 at 1:45 pm | by emanisa.lk

නත්තල හා වර්ෂ අවසාන නිවාඩුව නිමිත්තෙන් කොළඹින් බැහැර හෝටල් සහ නවාතැන්පොළවල් වෙත යන සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණය හෝ ක්ෂණික ප්‍රතිදේහ ජනක (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) පරීක්ෂණය සිදුකර අදාළ වාර්තා රැගෙන යා යුතු බව රජයේ කොරෝනා පාලන කාර්ය සාධන බළකාය තීන්දු කර ඇත.

මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ මාර්ග බාධක යොදවා මගීන් පරීක්ෂා කරනු ලැබේ. යම්කිසි කෙනෙක් ගැන සැකසහිත තත්ත්වයක් දක්නට ලැබුණොත් අහඹු ලෙස ඔවුන් මාර්ග බාධකයේ දී ම ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයකට යොමු කෙරේ.

බස්නාහිරෙන් පිටව යන තැනැත්තන් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට කොළඹ නුවර පාරේ නිට්ටඹුවෙත් අවිස්සාවේල්ල මාර්ගයේ සාලාව හන්දියේත් කොළඹ කටුනායක මාර්ග පිවිසුමෙත් පරීක්ෂණ ස්ථාන පිහිටවනු ලබේ.

ඒ අතර කොළඹින් බැහැර හෝටල් හා වෙනත් නිවාඩු නිකේතනවලටද පී.සී.ආර්. හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වාර්තා නොමැති අය නිවාඩු සමය තුළ ඇතුළත් කර නොගන්නා ලෙස උපදෙස් දීමට තීන්දු කර තිබේ. පසුගිය සිකුරාදා සිට මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙයි.

මේ ගැන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශනය කරනු ලබන අතර ඔවුනට ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට නිරෝධායන පනත යටතේ අවසරය ලබාදී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස