මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක පවසයි.
අද (07) පැවති මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවය.
එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත්තේ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර ය.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම නඩු පැවරීමට ඒකමතිකව ගත් තීරණය කුමන දේශපාලන බලපෑමක් එල්ල වූව ද ඉවත්කර නොගන්නා බව ද ඔහු කියා සිටියේය.