විදුලි බිල හෙට සිට 75%කින් ඉහළට…!

August 9, 2022 at 2:09 pm | by emanisa.lk

හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා අමතරව රුපියල් 198ක මුදලක් මෙම ඉහළ දැමීම හරහා එකතු වනු ඇතැයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කීය.

ඒකක 30-60ත් අතර සියයට 200කින් සහ 60-90ත් අතර විදුලි ඒකක ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා සියයට 125කින් ගාස්තු ඉහළ නංවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව, ඒකක 31-60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61-90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ සහ ඒකක 90-120ත් අතර රුපියල් 2,900ක් පමණ ද ඉහළ යනු ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *