ලංවීම සේවකයින්ටත් පාරිතෝෂිත නෑ…! – ජනක රත්නායක…

December 8, 2022 at 8:51 am | by emanisa.lk

විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා මෙම වසරේ කිසිදු පාර්ශ්වයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි බවත් බවයි, ඊයේ (7) පස්වරුවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිදු තුන්වැනි පාර්ශ්වයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව කී සභාපතිවරයා, විදුලි ගාස්තු ඉහළ දමන ලෙස 2017 වසරේ තමන් ඉල්ලීමක් කරන තෙක් කිසිවෙක් එවැනි ඉල්ලීමක් නොකළ මෙන්ම එසේ ඉල්ලීමක් කර බව කියන ප්‍රකාශ අසත්‍ය බව ද සඳහන් කළේය.

විෂය භාර අමාත්‍යවරයා පැය හත අටක් විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමට සූදානම් වන බවත් ඒවගේ දෙයකට මහජන උපයොගිතා කොමිසම කිසි දිනක නොදෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *