දළදා මාළිගාවේ විදුලි බිල ලක්ෂ 28යි..! ගෙවන්න බෑ…! – දියවඩන නිලමේ…

November 26, 2022 at 9:03 am | by emanisa.lk

ශ්‍රී දළදා මාලිගාවේ ඔක්තෝබර් මස විදුලි බිල වන රුපියල් ලක්ෂ විසි අටක මුදල ගෙවීමට නොහැකි බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

එම නිසා විදුලි බිල්පත සංශෝධනය කරන ලෙස කොමිෂන් සභා සභාපති ජනක රත්නායකගෙන් ඉල්ලා තිබේ.

විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මල්වතු -අස්ගිරි මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

විදුලි බිල අඩු කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ලංකා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර සකසන බවට එහි දී සභාපපතිවරයා පොරොන්දු වී ඇත.

එහෙත් පෙර නියම කරන ලද ක්‍රමවේදයට අනුව විදුලි බිල ගණනය කර ඇති බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කරයි.

මේ අතර බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ විදුලි බිල තව දුරටත් වැඩි නොකර විදුලි බල මණ්ඩලය පවත්වා ගෙන යා නොහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *