ධීවර සංස්ථා නම විකුණමින් ඇමති ගෝළයෙක් සුපිරි ගැහිල්ලක! ඉස්සෝ දැල්ලෝ කිලෝවකින් රු. 700ක ලාභයක්!

August 23, 2020 at 6:04 pm | by emanisa.lk

ධීවර සංස්ථාවේ නම භාවිත කරමින් ප්‍රබල ඇමැතියෙකුගේ ගෝලයෙක් වරාය සේවකයින්ගේ ආහාර සඳහා මාළු සපයන ටෙන්ඩරයට මුවා වෙමින් ඉස්සන් හා දැල්ලන් කිලෝ ග්‍රෑමයකින් රුපියල් හත්සියයකට වඩා වැඩි මුදලක් ලාභ ගනිමින් අලෙවි කරන බව වාර්තා වේ.

මෙම ඇමති ගෝලයා එම මාළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 650-700 අතර මුදලකට ලබාගෙන වරායට රුපියල් 1500ක මිලකට ලබා දෙයි. එහෙත් ධීවර සංස්ථාවට එම මාළු ලබාගන්නේ රුපියල් 1400ක මිලකට බව සඳහන් බිල්පත් නිකුත් කරයි.

එමගින් ධීවර සංස්ථාවට කිලෝ ග්‍රෑමයකින් රුපියල් සියයකට වඩා අඩු මුදලක් ලැබෙන අතර ඉතිරි රුපියල් 700ක මුදල ඇමැති ගෝලයාට යන බව වාර්තා වේ. මීට අමතරව සංස්ථාවට ලබා ගන්නා කොප්පරා හා තලපත්වලින් ද කිලෝ ග්‍රෑමයකට රුපිය්ල 50-100ත් අතර මුදලක් එහි අතරමැදියෙකු අතට යන බව වාර්තා වේ. මෙම ගනුදෙනුව පසුගිය ආණ්ඩුව සමයේ සිට සිදුවන බව ද ධීවර රාජ්‍ය ඇමතිවරයාගේ අවධානයට මෙම ගැටළුව යොමු වී ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස